Wednesday, April 17, 2019

41. පුංචි කුරුළු කූඩුවේ





කුරුළු පොඩිත්තෝ ආදර කුරුළු පොඩිත්තෝ
කැදැල්ලේම සැඟවී ඉන්න
අර ඈත පේන අහස තලේ - හරි බයානකයි
එපා පුතේ එහි පියඹන්න

නීල අහසෙ නිදහස් බව පෙනුනට
සුළං කපොලු එමට තියෙනවා
අත්තටු සවි නැති ඔබ ඒ සුළඟට
හසු වුනොතින් ගහ ගෙන යනවා

පුංචි පුංචි මල් පිපිච්ච උදයක
සීත සුළං වැලක දැවටිලා
ඈත ඈත පියඹන්නට දිනයක
ඔබටත් වරමක් හිමි වෙනවා

කුරුළු පොඩිත්තෝ ආදර කුරුළු පොඩිත්තෝ
කැදැල්ලේම සැඟවී ඉන්න
අර ඈත පේන අහස තලේ - හරි බයානකයි
එපා පුතේ එහි පියඹන්න

© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්