Monday, May 13, 2024

143. වෙසක්

 

සල්මල් දසඅත පිපුණා
සුවඳින් හැම තැන පිරුණා 
මංගල සිරියෙන් ලුම්බිණි 
උයන බැබළුණා....

සිනා මුදු තෙපුල් නැගුණා 
සොඳුරු ප්‍රිය දසුන් මැවුණා 
අමුතු අසිරියක් බැලු හැම 
අතම දිස්වුණා ...

සාදු නාදයක් ඇසුණා 
ආසිරි මල් වැසි වැටුණා 
පිනැති පුතෙක් මහමායා 
කුසින් බිහි වුණා ...

පියුම් සතක් පැන නැගුණා 
සිඟිති දෙපා පිළිගැනුණා 
ලොවක් නිවන උතුම් ගමන 
එයින් ඇරඹුනා ...

© සිත්තර පැංචි 
 2024-05-13

2 comments:

  1. https://www.youtube.com/watch?v=UgUs783HCjY&pp=ygUMYmlydGggYnVkZGhh

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩ්රැකී. මේක මම අපේ පොඩි ලලනාවිට පෙන්නන්නම්.

      Delete

අලුත් සිතුවම්

148. සොයුරු පෙම