Monday, June 3, 2019

57. ඉස්කෝලේ යනවා මං



උදෑසනම පොඩි මම නැගිටිනවා
අඬන්නෙ නැතුවම ඇඳෙන් බහිනවා
උදේ පාන්දර පාසල් යන්නට
හිනාවෙලා මං ලේස්ති වෙනවා

අම්මයි තාත්තයි දෙන්න දෙපැත්තේ
මං සුදු පුතානෙ දෙන්නගෙ මැද්දේ
පාසැල් බෙල් එක ඇහෙන්න මත්තේ
හනික හනික යමු අපි අරුණැල්ලේ

ජනුලි, කුෂලි සහ මෙතුක හෙසන්දී
හරිම හිනා යාළුවො හමුවෙද්දී
ගණන්, අකුරු කර සින්දු කියද්දී
හිනාත් යනව මට ටීච නටද්දී

රටට දැයට නිති වැඩ සලසනවා
ගහට කොළට ආදරේ කරනවා
අම්ම තත්තව සතුටු කරනවා  
මාත් ලොවට හොඳ ළමයෙක් වෙනවා


සැරයි ටිකක් ගුරුතුමීගෙ නීති 
දඟ වැඩ කළහොත් ගුටිත් ලැබේවී
ඒ උනාට මට නම් හරි ලේසී 
මගෙ ආසම විෂයයි ඉංග්‍රීසී 

කැට් රැට් බැට් අද අපි කියවනවා 
හොඳ හැටි වචනය ශබ්ද කරනවා
හෙමින් හෙමින් එය පොතෙත් ලියනවා 
ඔක්කොම හරි නම් තරුත් ලැබෙනවා 

හයිරා ළඟ දැන් මම ඉඳ ගන්නේ 
ඉංග්‍රීසියි ඇය කතා කරන්නේ 
මට බැරි දේවල් ඇගෙන් අසන්නේ 
අපි දෙන්නා ගුඩ් ෆ්‍රෙන්ඩ්ස්ලා වන්නේ 

© සිත්තර පැංචි 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්