Monday, June 3, 2019

58. වරල් සලා පිහිණුවාට




වරල් සලා පිහිණුවාට දුකින් නේද ඉන්නෙ ගොඩක්
ගඟේ මාළුවන්ට වගේ නෑනෙ හිනාවෙන්න ඉඩක්
බඩගින්නක් ආව විටදී කන්න හොයාගන්න යමක්
නැතුව සුසුම් හෙලනකොටයි එන්නෙ පිටට බුබුළු ගොඩක්

පාට කරපු වීදුරු ගල් ගොරෝසු වැලි කැට තියෙන්නෙ
පාට ලයිට් වලට මිසක් අපේ දුකට නෑ දිලෙන්නෙ
අමාරුවෙන් සලා වරල් පුංචි ඉඩේ සැරි සරන්නෙ
අපේ දුකද කවුරුත් මේ හිනා වෙවී බලන් ඉන්නෙ.

© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්