Tuesday, June 4, 2019

59. පරණ සෙල්ලම් බඩු


පරණ වෙච්ච සෙල්ලම් බඩු පෙට්ටියකට දමා
අයින් කරන්නට කියලා අම්මා අණ දෙනා
අයින් කරනවා කිව්වම දුකින් සුසුම් හෙලා
බලන්න මේ අඬන විදිය බෝනික්කා බබා

පුංචි කාලෙ මාත් එක්ක සැපද දුකද බෙදා
එකට දොයිය ගත්ත විදිය මටත් මතක් වෙනා
මොනව කරන්නද මගෙ හොඳ යාළුවනේ මෙමා
අපි කාටත් යම් දවසක යන්නට සිදු වෙනා

© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්