පාට පාට කොළ කපලා කතුරෙන් පරිස්සමින් අලවා
වෙසක් කූඩු මේ තුනක්ම අම්මත් එක්කල මං හැදුවා
බල්බ් දමාලා තාත්තත් එක්කල තව ලස්සන කරවා
පත්තු කරන්නට පෝයදාට මට ආසාවේ බැරුවා
පිපිච්ච වතුසුදු කඩලා මගෙ පොඩි වට්ටිය පුරවන්නම්
ඒ මල් අරගෙන වෙසක් පොහෝ දින පන්සල වෙත යන්නම්
ගාථ කියා බුදු සාදුට වැඳලා සිත තුටු කර ගන්නම්
හොඳ ළමයෙක් වෙන්නට බුදු සාදුට පොරොන්දුවක් දෙන්නම්.
© සිත්තර පැංචි
2021-05-10
+++++
ReplyDeleteස්තුතියි
ReplyDelete