Tuesday, June 4, 2019

60. පුංචි කැටේ


පුංචි කැටේ සල්ලි දමා එකතු කරල හෙමින්
අලි පැටියෙක් ගන්න මිලට ඉන්නව මමං හිතන්
ලොකු වත්තක් අරගෙන එහි වගා කරල හොඳින්
අලි බබාට කෑම දෙන්න ඇහැකිය මට ඉතින්

නලියන්නට දඟලන්නට දෙන්න එක්ක පෙමින්
හැකිවෙනවා නේද එවිට දවස පුරා සොඳින්
ළමයයි අලියයි දෙන්නම එපෝ මෙමට ඉතින්
හබක් වෙන්නෙ වැඩේ අම්ම කිව්වොතින් තදින්

© සිත්තර පැංචි 



No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්