සූරියකාන්ත මල පිපිලා
මුළු උදයම හරි සිරියාවයි
මං පළවෙනියා වුන දවසේ
අම්මා හිනා වුණා වාගෙයි
ඉර මාමාගේ මුහුණ බලාගෙන
යන යන පැත්තට හැරෙන්නෙ නෑ
මගේ මුහුණ දෙස බලා සිනාසෙනු
මිස වෙන කොහෙවත් බලන්නෙ නෑ
නිල් කටරොලු මල් කරල් ගලවලා
පොතු අරගෙන මල් පෙති හදලා
ඇට අරගෙන මල් රේණු අලවලා
හැදු මගෙ මල මට හරි අගනා
මල් අතරේ ලොව පිබිදෙන ලස්සන
පාට පාට නෙක සුවඳ අරන්
සුවඳ මලක් වී පිපෙන්න දිනයෙක
ආසාවෙන් මග බලමි මමත්.
ලස්සනයි🤗💕👌
ReplyDeleteඔයා පලවෙනියා උනේ කවද්ද😄
ස්තුතියි. 🤗💕
Deleteඅපෝ මේ පොඩි අය ඕන නැති ප්රශ්නමයි අහන්නෙ.😄😄