Saturday, December 17, 2022

115. ටැංකි ටැංකි මාළු ටැංකි

ටැංකි ටැංකි මාළු ටැංකි එක එක විදියේ
පාට පාට මාළු ජෝඩු ලෙසිනුයි සිටියේ
කොටු කපලා කොළ නමලා යලි දිග හැරියේ
මේවා මං තනියෙන් හැදුවේ ගිය සතියේ

කැපෙන වාටි පැන්සල් උල් කරන වෙලාවේ
මුහුදු ශාක වේලපු කොළ වලින් ගෙනාවේ
ලස්සන කර ටැංකි පතුල බැහැල කලාවේ
මේ වගෙ වැඩ වලින් සිතට සතුට ළඟාවේ

පාවි පාවි දිය අතරින් වරල් සලන්න
පීන පීන හිටියත් ලස්සනට පෙනෙන්න
කූඩු කරලා හරි නරකලු සතුන් හදන්න
කියා දුන්නෙ ගුරුතුමි කාටත් දැනගන්න.


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්