Wednesday, December 14, 2022

113. තාරාවා, මල් බබා සහ බතලි













තාර පැටියා පීනනකොට පහලට ගග දිගේ 
මාර නිදිමතක් ආවා සනීපයට වගේ 
බෙල්ල නවා හංගාගෙන පිහාටු මැද හොටේ 
නිදියනවා එයා ඔන්න පොඩ්ඩිත්තක් හොඳේ
























මලක් ඉහලගෙන ඔළුවට උදේම මේ බබා 
ඇසුත් පියාගෙන යන්නේ කොහෙද පිනි බබා 
කැතයි කියා හිතුනු නිසා වැරදුන තැන් මකා 
ඇන්ද නිසා නිසා මුහුණ තිබේ ලස්සන හැඩ ලබා 

ඇවිදිනකොට මලෙන් ගැළවිලා වැටෙනා පෙතී 
සුළඟ ඇවිත් කොහේට හරි ගෙනියනවා ඇතී
මල් පාරේ මෙහෙම යද්දි සුවඳ දැනී දැනී 
සුරංගනා කතා හිතට මතක් වෙන්න ගනී 


























කාල බීල බෝල වගේ ඉන්න ඕන ළමයි
එන්න මෙහෙට කන්න බතල මේව ඇඟට ගුණයි  
ආච්චම්මා කොච්චරවත් කියා බලෙන් කවයි 
එහෙම කාලා කෙල්ල කොටේ බතල ගෙඩිය වගෙයි 

බතලි වගේ අනේ හරිම කියුට් මෙන්න මෙයා 
කියා කම්මුලක් මිරිකල අන්න අයියා ගියා 
මොකද වෙන්නෙ දැන් එතකොට අඬනවාද ඔයා 
නෑනෙ මෙන්න හිනා වෙනවා පුංචි ටිකිරි ලියා 

4 comments:

  1. ලස්සනයි💕🤗

    කොහෙද මෙච්චර දවසක් ගිහින් හිටියෙ

    ReplyDelete
    Replies
    1. ටැන්කිව් චූටි. 💐
      මෙච්චර කල් විවේක සුවයෙන් හිටියා.
      කොහේවත් ගියේ නම් නෑ.😁

      Delete
    2. හොඳින් හිටියා නම් එච්චරයි🤗

      මොකුත් ලිව්වෙ නැති නිසා බැලුවෙ😒

      Delete

අලුත් සිතුවම්

136. සූකිරි දත්