එදා වැහි දවසක්. වැස්ස කිව්වට එහෙම එක දිගට වහින ලොකු වැස්සක්ම නෙමෙයි. කඩින් කඩ වැටෙන පොද වැස්සක්. ඒත් වටපිටාව හරියට හැන්දෑවක් වගේ කළුවර වෙලා. ඒ නිසා එලියට යන්න කම්මැලියි. අද මම මොකද කරන්නේ කියල බබා කල්පනා කළා. ඔන්න එක පාරටම පුංචි මොලේට අපූරු අදහසක් ආවා.
මුලින්ම අහස. ඊට පස්සේ ලොකු වලාකුළු දෙකක්. ඊට පස්සේ ලොකුවට අඩ රවුම් හතක්... දේදුන්න තියෙන්නේ ලස්සන කන්දකට උඩින්. දේදුන්න අල්ලාගෙන ඉන්නවා වගේ ලොකු ගස් දෙකක් දෙපැත්තෙන්. ගස් දෙක මැද්දෙ පුංචි ගෙදරක්. මේ තියෙන්නේ ලස්සනට. හරියට නිකන් දේදුන්න ගෙට එබිකම් කරනවා වගෙයි කවුද මේකේ ඇතුලේ ඉන්නේ කියලා. බබාට ආස හිතුනා. හිතුවටත් වඩා ඉක්මනට ඇඳලා ඉවර වුනා. දැන් තියෙන්නේ පාට කරන්න. ම්ම්...මොනවද දේදුන්නට එන පාටවල්.. බබා කල්පනා කරනවා. ආ.. හරි හරි මතක් වුනා. අම්ම කියල දුන්නනෙ ලේසි විදියක් මේ පාටවල් මතක තියා ගන්න. රතු තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකී. ඒ විදියට පාට හතක් දේදුන්නට දාලා..වලාකුළු වලට ලා නිල් පාට දාලා..පිට්ටනියට කොළ පාට දාලා..ඔහොම ඔහොම බබා ඉස්සෙල්ල හිතින් එයා ඇඳපු චිත්‍රෙ පාට කළා.
බබා අම්මට කියලා ගානට වතුර දාල පාටවල් දිය කරලා හදාගෙන ඔන්න ඇත්තටම පින්සලෙන් පාට කරන්න පටන් ගත්ත. හරිම ලස්සනයි පැටියෝ ඔයාගෙ චිත්‍රෙ. ලස්සනට පාට කරන්න ඕන හොඳේ...අම්මා යන ගමන් කියාගෙන ගියා. බබාට හරි සතුටුයි. එයා ටිකින් ටික ටිකින් ටික දැන් ඔන්න චිත්‍රෙ පාට කරමින් යනවා.
මෙහෙම පාට කර කර ඉද්දි ඔන්න එක පාරටම බබාට දැනුනා සිනිඳුවට මොකක් හරි දෙයක් මෙසේ යටින් එයාගෙ කකුලේ ගෑ වෙනවා. මේසේ යටට එබිලා බැලුවා. අනේ මෙන්න සුදු පුසී ඇවිල්ලා. බබා හිතුව සුදු පුසිවත් ඔඩොක්කුවට ගන්න ඕන කියලා. එහෙම හිතලා සුදු පුසිව ගන්න බිමට නැමුණා විතරයි අතේ හැපිලා පින්සල හෝදන්න ගෙනල්ල තිබුන පොඩි වතුර කෝප්පෙ පෙරලුනා. අනේ..මෙච්චර වෙලා මහන්සියෙන් අන්දපු චිත්‍රෙ පුරා..ම වතුර ඉහිරුනා. දැන් ඉතින් මොකද කරන්නේ. දනි පනි ගාලා කොලේ අරන් ඉහිරුණු වතුර ගසලා දැම්මත් වැඩක් වුනේ නෑ. චිත්‍රෙ හොඳටම බොඳ වෙලා. වතුරට පෙඟිලා සමහර තැන් වලින් කොලේ ඉරෙන්නත් වගේ. බබාට හොඳටම දුකයි. ලොකු කඳුළු බින්දු දෙකක් ඇස් වලින් බිමට බේරුනා. බබාට හොඳටම ඇඬුනා. අනේ සමාවෙන්න මට.. කියන්න වගේ සුදු පුසිත් දුකෙන් බලන් ඉන්නවා. එයා ලඟට ඇවිල්ල කකුලේ ඇතිල්ලුන නිසානෙ මේ ඔක්කොම.
කෝප්පෙ වැටෙන සද්දෙටයි.. බබා අඬන සද්දෙටයි කලබල වුනු අම්මා ඉක්මනට පාඩම් මේසෙ ලඟට දුවගෙන ආවා. අනේ වෙලා තියෙන දේට එයාටත් දුකයි. දුක් වෙන්න එපා පුතේ. අපි වෙන එකක් අඳිමු. ඔහොම තමයි ඉතින් සමහර වෙලාවට අපි නොහිතන දේවල් වෙනවනෙ. අම්ම බබාව තුරුළු කරගෙන හිත සැනසුවා. කෝ අපි යමු පොඩ්ඩක් එළියට. එළියේ ඉඳන් උණු කොපි එකක් බොමු ඕක අමතක වෙන්නත් එක්ක. අර දැන් අව් රැල්ලකුත් වැටීගෙන එන්නේ. හා නේද...අම්ම බබාවත් වඩාගෙන එලියට ගියා. සුදු පුසිත් දෙන්නගේ පස්සෙන් ගියා. ඊට පස්සේ බබාව අඹ ගහ යට බංකුව උඩින් වාඩි කරවලා අම්ම ගියා කෝපි හදන්න.
දැන් සුදු පුසියි බබයි දෙන්න බංකුව උඩ ඉඳගෙන ඉන්නවා අම්මා කොපි ගේනකන්. වෙච්ච දේට දෙන්නට තාම දුකයි. සුදු පුසිව අතගාන ගමන් බබා නිකමට වගේ අහස දිහා බැලුවා. හෑ........මේ මොන පුදුමයක් ද. එයාට ඇස් අදහාගන්නත් බැරි වුනා. එයා දැක්කේ එයා දිහා බලාගෙන හිනාවෙන ලස්සන දේදුන්නක්. බබාට හයියෙන් කෑ ගැහුනා බංකුවෙනුත් නැගිට්ටුනා. මේ ඇත්තමද කියලා හිතා ගන්න බැරුව බබා ඇස් දෙක පිහිදාළ ආයෙම අහස දිහා බැලුවා. ඒත් තාමත් දේදුන්න හිනාවී ගත්ත ගමන්මයි. හරියට එයා කොලේ ඇඳපු දේදුන්න අහසට ඇවිල්ල වගේ. බබාට පුදුම සතුටක්. එයා විදුලි වේගෙන් ගෙට දුවලා අම්මවත් ඇදගෙන ආව දේදුන්න පෙන්නන්න.
ෂා.. කොච්චර ලස්සනද. අපිටම තමයි මේක නම් අද පායලා තියෙන්නේ. හැමෝටම හරිම සතුටුයි. බබා සුදු පුසිව වඩාගෙන උඩ පැන්නා. අම්ම හිනාවෙවී බලාගෙන හිටියා. අපි මේකේ ලස්සන ෆොටෝ එකක් ගනිමු. එහෙම කියපු අම්මා ගෙට ගිහින් එයාගේ කැමරාව අරන් ඇවිල්ල අහසයි, දේදුන්නයි , බබයි සුදු පුසියි ඔක්කොමලා එක්ක ලස්සන පින්තුර ටිකක් ගත්තා. එයාලගෙ හිනා පිරිච්ච මූණු පින්තූර වල හරිම ලස්සනට සටහන් වෙලා තිබුනා.මගේ වතුර හැලිලා බොඳ වෙච්ච චිත්‍රෙ වෙනුවට මට ඊටත් වඩා ලස්සන චිත්‍රයක් හම්බුනා.....නේද සුදු පූසි? ..කියල බබා සතුටින් කිව්වා. සුදු පුසිත් බෝල ඇස් කරකවලා ඔව් ඔව් කියන්න වගේ මියැව් මියැව් කිව්වා.
(පින්තූර සියල්ලම අන්තර්ජාලයෙනි)

© සිත්තර පැංචි
No comments:
Post a Comment