එතකොටම කොහේදෝ ඉඳලා රුං රුං සද්දයක් ආවා. බබා වටපිට බැලුවා. මී මැසි මාමා කෙනෙක් සද්දේ දදා බබා වටේ කැරකෙනවා. "මොකටද මගේ ඩේසි මල කැඩුවේ? කෝ දෙන්න ඕක මෙහාට"
මී මැසි මාමා සැර කළා.
"තරහා ගියොත් මී මැසි මාමා මට අනියිද දන්නේ නැහැ." බබා හොඳටම බය වෙලා මූණත් බෙරි වුණා. අඬන්න හැදුවා. ළඟ හිටිය සමනල පැන්චෙකුට මේක ඇහුණා. එයා ඉක්මනට පියඹලා බබා ළඟට ආවා.
"බය වෙන්න එපා බබෝ. මම මේ මී මැසි මාමාට වෙන ඩේසි මලක් තියෙන තැන පෙන්නනම්. මම එමින් ගමනේ
මග දිගටම ඩේසි මල් දැක්කා ." සමනලයා බබාට කිව්වා. මී මැසි මාමාත් සැර සද්දේ නවත්තලා සමනලයා එක්ක යන්න කැමති වුණා.
බබා ගෙදර ගිහින් ඩේසි මල අම්මට දුන්නා. අම්මා ඒක පෝච්චියට දැම්මා.
"ඒ සමනලයා හරි හොඳයි නේද ?" සමනලයෝ මී මැස්සෝ හැමෝටම එක්ක අපි වත්තේ තව මල් පාත්තියක් හදමු. අම්මා කිව්වා. බබා සතුටින් හිනා වුණා. බව් බව් කියූ බව්වාත් උඩ පැන ඒක අනුමත කළා.
No comments:
Post a Comment