Friday, April 8, 2022

88. කරුණාවන්ත සුළඟ

එකමත් එක රටක මල් ගසක් තිබුණා. මල් පිපෙන කාලෙ ආවා. මල් ගසේ ලස්සනට මල් පිපුණා. සීතල සුළඟක් මල් ගස ළඟට හැමුවා. 

"ඔයා කොහේද යන්නෙ ?" මල් ගස සුළගෙන් ඇහුවා. "මම ඇවිදින්න යනවා." සුළඟ කිව්වා. "මටත් ආසයි ඇවිදින්න. අර ළමයි සෙල්ලම් කරන තැනට යන්න." මල් ගස දුකෙන් කිව්වා. සුළඟ ටිකක් කල්පනා කළා. උපායක් පහල වුනා. 

මල් ගසෙන් සුවඳ ටිකක් ඉල්ලා ගෙන ළමයි සෙල්ලම් කරන පැත්තට හැමුවා. "කොහෙන්ද මේ අපූරු මල් සුවඳක් එන්නෙ?" ළමයින්ට මල් සුවඳට ආසා හිතුණා. මල් සුවඳ ආවේ කොහෙන්ද කියා විපරම් කළා. අපූරු මල් සුවඳ එන මල් ගස සොයා ගත්තා.

"ඔයා ළඟ හරිම සුවඳයි. අපි ගහ යට සෙල්ලම් කරන්නද?" ළමයි මල් ගසෙන් ඇහුවා. මල් ගස හරිම සතුටින් "හා" කිව්වා. ළමයි එදා ඉඳලා හැමදාම මල් ගස යට හෙවනේ සෙල්ලම් කළා. සුළඟ වටේ කැරකි කැරකී සතුටින් ඒ දිහා බලාගෙන හිටියා.









1 comment:

  1. ඔබ නැවතත් ලිවීම අරඹා ඇති බව අප ලැබූ සුභ ආරංචියයි. ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ දක්වා ඇත! අප පිලිබඳව ඔබගේ බ්ලොග් අඩවියෙන් ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් අප බෙහෙවින්ම ස්තූති වන්ත වන්නෙමු!

    ReplyDelete

අලුත් සිතුවම්

136. සූකිරි දත්