මල් ගහ උඩ පුංචි කුරුළු කූඩුවක් තිබුණා. කුඩුව කුරුළු ඇතුලේ පැටව් තුන්දෙනයි. ලොකුම එක්කෙනා කුරුළු අයියා. අනිත් දෙන්නා කුරුළු නංගියි මල්ලියි. අයියා පොඩ්ඩක් ලොකු උනාට නංගියි මල්ලියි තවම පොඩියි. නමුත් තුන් දෙනාටම තාමත් පියාඹන්න බැහැ. තව ටිකක් ලොකුවෙලා පිහාටු සවිමත් වුණාම තමයි තනියම එළියට යන්න පුළුවන් වෙන්නෙ. එතකන් පරිස්සමින් කූඩුවට වෙලා ඉන්න ඕනෙ. කුරුළු අම්මා නිතරම බබාලා තුන්දෙනාට අවවාද දුන්නා.
සිත්තර පැංචි
Sunday, June 9, 2024
148. සොයුරු පෙම
147. දත් දොස්තර
Friday, May 31, 2024
146. කුරුළු බබා
Friday, May 17, 2024
145. වෙසක් කූඩු
144. මල් මිතුරෝ
ඉර මාමා උදෙන්ම අවදි උනා. ගස් අතරින් රන්වන් රැස් දහරාවක්ම ලෝබ නතුව පොළොවට එව්වා. පැංචිගේ මල් පාත්තියේ මල් ඔක්කොම ඉක්මනට ඉක්මනට පෙති ඇරියා. එක එක පාටින් ලස්සනට හිනා වුනා. වටපිටාව දැන් හරිම සුන්දරයි. ඒ වගේම සුවඳයි.
තැඹිලි පාට මල හිනා වෙමින්ම අවට බැලුවා. එයා අනිත් මල් වලට වඩා උසට හිටිය හින්දා හැමෝවම හොඳට පෙනුනා. තැඹිලි පාට මලට පුංචි ආඩම්බරයක් හිතට දැනුණා. "පේනවා නේද? උස වෙන එක තමයි හොඳම. ඔයාලා කොච්චර ඉස්සුනත් මට වගේ වටේම පේන්නේ නෑනේ. අනික මේ...මට ඇති තරම් ඉර එළිය නා ගන්නත් පුළුවන්." තැඹිලි පාට මල එයා ළඟම හිටිය රෝසපාට මල දිහා බලලා ආඩම්බරෙන් කිව්වා.
"ඇත්ත තමයි. මටත් මේ වගේ උසට ඉන්න තිබුණ නම් කොච්චර හොඳද? දැන් ඉතින් ඉර එළිය ටිකක් නාන්නත් අස්සෙන් අස්සෙන් එබෙන්න එපැයි. මිටි උනාම කරදරයි." රෝසපාට මලට ටිකක් දුක හිතුණා. "මොනවා කරන්නද ඉතින්. මගෙ නටුවට පුළුවන් උපරිම උසට ගිහිල්ලනෙ ඉන්නෙ. මිටියට ඉන්න එකම මල මම නෙවෙයිනෙ. මටත් වඩා මිටි මල් මේ තව ඉන්නෙ" එහෙම හිතලා රෝස පාට මල දුක තුනී කර ගත්තා.
ඔන්න ටිකකින් ලොකු සුළඟක් හමන්න පටන් ගත්තා. ටික ටික සුළං වේගය වැඩි උනා. සුළං පහර තරහෙන් වගේ ඇවිත් තැඹිලි පාට මලේ වැදුණා. තැඹිලි පාට මලේ නටුව වේගෙන් දෙපැත්තට පැද්දුනා. " අනේ මේ සුළං පාරට මගේ නටුව කැඩිලා යයිද? "මලට බොහොම බය හිතුණා. මල වෙව්ලන්න පටන් ගත්තා. මිටි රෝස පාට මල මේක බලාගෙන හිටියා. තැඹිලි පාට මල දෙපැත්තට වැනෙනකොට එයාගෙ ඇගෙත් හැපුණා. රෝස පාට මලට දුක හිතුනා. එයා තැඹිලි පාට මලේ නටුවට එයාගේ ඇඟට හේත්තු වෙලා ඉන්න ඉඩ දුන්නා. තැඹිලි පාට මල රෝස පාට මලට හේත්තු වෙලා යන්තම් නොපැද්දී හිටියා.
ටික වෙලාවකින් සුළඟ අඩු වෙලා මහ වැස්සක් වැටෙන්න පටන් ගත්තා. මොර ගෙඩි වගේ වැහි බිංදු තැඹිලි පාට මලේ පෙති උඩට වැටුණා. වතුර බිංදුවල බරට තැඹිලි පාට මලේ පෙති ඔක්කොම තෙතබරියං උනා. එයාගෙ නටුවට කෙළින් ඉන්න බැරුව දෙකට මැදින් නැවිලා ගියා. රෝස පාට මලට නම් වැස්සෙනුත් ලොකු කරදරයක් උනේ නෑ. එයාගේ මල් පෙති හොඳට ඝනකම්ව හැදිලා තිබුණ නිසා ඉක්මනට තෙතබරිත උනේ නෑ. මිටි මහත නටුව කිසිම බයක් නැතුව චන්ඩියා වගේ වැස්සට මුහුණ දුන්නා. තැඹිලි පාට උස මල වැස්ස ඉවරවෙනකන් රෝස පාට මල උඩ මුහුණ හංගාගෙන බයේ වෙව්ල වෙව්ල හිටියා. රෝස පාට මල බොහොම ආදරෙන් එයාව වැටෙන්න නොදී අල්ලාගෙන වැස්සෙන් ආරක්ෂා කළා.
වැස්ස පායලා ආපහු ඉර මාමා හිනා වුණා. තැඹිලි පාට මල නැගිටලා ඇස් ඇරියා. "ඔයා නැත්නම් මම බිම වැටිලා. මම හොඳටම බයවෙලා හිටියේ. ඔයා නිසා යන්තම් නොවැටී බේරුණා. මාව බේරා ගත්තාට ඔයාට බොහොම ස්තුතියි." තැඹිලි පාට උස මල රෝස පාට මිටි මලට කිව්වා. රෝස පාට මල ලස්සනට හිනා වුණා. "උස වෙන එකට වඩා ඔයා වගේ මිටි වෙන එක හොඳයි. එතකොට කරදර අඩුයි." තැඹිලි පාට උස මල ආපහු කිව්වා. රෝස පාට මල හිස වැනුවා.
"හිනා වෙලා සතුටින් ඉන්න වැදගත් වෙන්නෙ උස වෙන එකවත් මිටි වෙන එකවත් නෙවෙයි. යාලුකමයි සමගියයි. රෝස පාට මල තැඹිලි පාට මලට කිව්වා. "අද මම ඔයාට උදව් කළා. හෙට සමහර විට ඔයා මට උදව් කරයි. අපි හැමෝම එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. ඒ වෙනස්කම් අපි තේරුම් ගන්න ඕනේ. ඒවාට ගරු කරන්න ඕනේ. හැම වෙලේම එකිනෙකාට උදවු කරගන්න ඕනේ."රෝස පාට මල් තැඹිලි පාට මලට ලොකු පාඩමක්ම කියා දුන්නා. "ඔයා කිව්වේ ඇත්ත තමයි. මමත් එක තේරුම් ගත්තා. අපි හැමදාම යාළුකමින් සමගියෙන් එකට ඉමු." තැඹිලි පාට මල එහෙම කියලා රෝස පාට මලේ අතින් අල්ල ගත්තා. ඊට පස්සේ දෙන්නා එක්ක නැලවි නැලවි ලස්සන නැටුමක් නැටුවා. ටික වෙලාවකින් මල් මිතුරෝ සියලු දෙනාම නැටුමට එකතු උනා.මල් මිතුරන්ගේ නැටුම් ප්‍රසංගය හුඟ වෙලාවක් යනකන් පැවතුණා.
Monday, May 13, 2024
143. වෙසක්
Sunday, May 12, 2024
142. කැරට්
හා පැටියා උදෙන්ම නැගිට්ටා. මුහුණ කට සේදුවා. හොඳටම බඩගිනි වගේ. මොනවාහරි කන්න හිතාගෙන කැරට් පාත්තිය පැත්තට ගියා. ආ මේ තියෙන්නෙ කැරට් හොඳට හැදිලා. සමහර ලස්සන ලස්සන කැරට් අල පොලොවෙනුත් උඩට මතු වෙලා. හා පැටියාගේ කටට කෙල ඉනුවා.
හා පැටියා පොඩ්ඩක් පොළව හාරලා කරත අලයක් ගලවලා ගත්තා. "අපෝ මේ කැරට් අලේ බොහොම පුංචියි නේ. මගේ බඩගින්නේ හැටියට මේක මගේ බඩේ ගෑවෙන්නවත් මදි." හා පැටියා තනියම කියෙව්වා. පුංචි කැරට් අලේ කේන්තියෙන් පැත්තකට දාලා හා පැටියා ආපහු පොළොව හෑරුවා. තව අලයක් ගලවා ගත්තා. "අපෝ මේකත් පුංචි වැඩියිනෙ. මේක මගේ බඩේ බාගයක් පිරෙන්නත් මදි. මේ පාත්තියේ පුංචි කැරට් අල විතරමද තියෙන්නෙ. තව ටිකක් හාරලා ලොකු අලයක් කොහොමහරි ගලවා ගන්න ඕනෙ." හා පැටියා ආපහු පොළොව හාරන්න පටන් ගත්තා.
"මේ පාර නම් විසාල අලයක් ලබෙන්න වගේ. අදිනවා අදිනවා කෝ කැරට් අලේ එන්නේ නෑ." හා පැටියා හොද හුස්මක් අරන් පුළුවන් තරම් හයියෙන් කැරට් අලේ ඇද්දා. කිව්වත් වගේ ඒ පාර නම් හම්බ වුණේ මහා විසාල කැරට් අලයක්. "බුදු අම්මෝ මේකේ ලොකු. මේක මට තනියෙන් කාලා ඉවර කරන්න බෑ. මගේ බඩත් පැලෙයි මේක සේරම කන්න ගියොත්." හා පැටියා ආයෙමත් තනියෙන් කියෙව්වා.
"අපරාදෙ මගෙ මහන්සිය. ඇයි අප්පා. මගේ බඩට හරියන කැරට් අලයක් හොයන්න මේ තරම්ම අමාරුද? අතාරින්න නරකයි. මේ ගැලෙව්වා වගේ තව එකක් ගලවගන්න ඕනෑ." හා පැටියා එයාටම කියා ගන්නා ගමන් ආපහු කැරට් පාත්තිය හාරන්න ලෑස්ති වුණා.
"හෝව්...හෝව්...හෝව්...." පොළොව හාරන්න හැදුවා විතරයි හා පැටියාට කවුදෝ කතා කරනවා ඇහුණා. කෝ කවුද? කොහෙන්ද කතා කරන්නෙ. හා පැටියා වට පිට හැමතැනම බැලුවා. කෝ කවුරුවත් නෑනෙ. "මෙහේ මෙහේ. මං මෙහේ. වටපිට බලලා හරියන්නේ නෑ. උඩ බලන්න." කතාකරන සද්දේ ආපහු ඇහුණා. හා පැටියා උඩ බැලුවා. ආ මේ ඉන්නේ ඉර මාමානෙ. හා පැටියා දිහා බලාගෙන හිනා වෙවී.
Saturday, May 11, 2024
141. කිමිදුම් සහ පියාසර
Friday, May 10, 2024
140. කොළපට්ටා බූම්
පැංචිගේ හොඳම යාලුවා තමයි කුකූ. මේ නිවාඩු කාලේ කුකූගේ ලොකුම රාජකාරිය තමයි පැංචි එක්ක සෙල්ලම් කරන එක. මේ සෙල්ලම් වලිනුත් මේ දෙන්නා වැඩියෙන්ම කරන්නේ කොළපට්ටා බූම් එකේ යන සෙල්ලම. ගහෙන් ගැලවිලා වැටුණු පුවක් අත්තක් අරන් ඒකෙ නාරටියේ කොළ ටික ගලවලා දාලා මේ කොළපට්ටා බූම් එක මේ දෙන්නාට හදලා දුන්නෙ ආච්චම්මා.
කුකූ මුල් කාලේ කොළපට්ටා බූම් එකේ යන්න බය වුණා. උස්සගෙන ඇවිත් බලහත්කාරෙන් සීට් එකේ වාඩි කෙරෙව්වත් කුකූ නෙවෙයි ඒකෙ ඉන්නෙ. ඒ සැණින් පැනලා අහකට දුවනවා. ඒකටත් එක්ක දැන්. පැංචි කොලපට්ටා බූම් එක ගන්නකොටම කුකූ ඇවිත් සීට් එකේ වාඩි වෙනවා. කුකූ ඒ තරම් ආසයි මේ බූම් එකේ යන්න.Thursday, May 9, 2024
139. හැංගි මුත්තං
උදේ පාන්දර ඉර ලස්සනට පායලා. පළාතම හරි එළියයි. සමනලයා පාවි පාවි නැලවි නැලවි මල් ගොමුවට ආවා. පැණි ටිකක් බීලා බන්ඩි ගෙඩිය පුරවාගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. එහෙට පියාසැලුවා. මෙහෙට පියාසැලුවා. වට රවුම් ගියා. කරණම් ගැහුවා. මල් උඩින් ගියා. මල් යටින් ගියා. සමනලයගේ සෙල්ලම බලන්න ලස්සනයි.
අහසෙ පාවෙමින් හිටිය වළාකුලක් මේක දැක්කා. එයාටත් පොඩ්ඩක් සමනලයා එක්ක සෙල්ලම් කරන්න ආසාවක් ආවා. වලාකුල හිමින් හිමින් පහලට පාවෙලා ඇවිත් සමනලයා ලඟට කිට්ටු කළා. "යාලුවේ මාත් එන්නද සෙල්ලම් කරන්න". වළාකුල සමනලයාගෙන් ඇහුවා. "හරි ශෝක්නෙ. එන්න එන්න. මාත් මේ යාළුවෙක් එනකං තමයි හිටියෙ." සමනලයා හිනා වෙලා කිව්වා. "මොකක්ද ඉතින් අපි කරන සෙල්ලම?" ඉක්මනින් සෙල්ලමක් පටන් ගන්න ආසාවෙන් සමනලයා වලාකුලෙන් ඇහුවා. "අපි හැංගි මුත්තං කරමු." වළාකුල කිව්වා. "අන්න වැඩේ. මං කැමතියි. හැංගි මුත්තං හැංගියෝ....නොපෙනෙන තැනක හැංගියෝ...." සමනලයා සිංදුවකුත් කියමින් සතුට ප්‍රකාශ කළා.
"මම ඇස් දෙක වහගෙන විස්සට ගණින්නම්. ඔයා ඉස්සෙල්ලා හැංගෙන්න." වළාකුල සමනලයාට කිව්වා. වළාකුල ඇස් වහ ගත්තා. "එක දෙක තුන හතර ...." වලාකුළ ගණන් කරන අතරේ සමනලයා ඉක්මනට ඒ ලඟම තිබුණු සුවඳ මලක පෙත්තකට මුවා වෙලා හැංගුනා. වළාකුල තාම ගණන් කරනවා.
මේ අතරේ පාඩම් මේසෙ උඩ තියෙන මල් පෝච්චියට දාන්න අලුත් මලක් කඩාගන්න හිතාගෙන පැංචි ගෙදරින් එළියට ආවා.. හැංගිමුත්තන් සෙල්ලම ගැන කිසිම දෙයක් නොදන්නා පැංචි සමනලයා හැංගිලා හිටිය මල නටුවෙන් කඩා ගත්තා. ගේ ඇතුලට අරන් ගිහින් පෝච්චියට දැම්මා..
වළාකුල ගණන් කරලා ඉවර වෙලා ඇස් ඇරියා. සමනලයාව හොයන්න පටන් ගත්තා. "මේ හොර ගෙඩියා කොහේ හැංගුනාද මන්දා." එහෙම හිතන ගමන් වළාකුල සමනලයාව හැම තැනම හෙව්වා. මල් ගොමුව පුරාම හෙව්වා. ඒත් සමනලයා හොයා ගන්න නම් බැරි උනා. දැන් මොකද කරන්නෙ. වළාකුල කල්පනා කළා.
ඔහොම කල්පනා කරද්දී පැංචි කඩාගෙන ගිය මලේ ඉතිරි වෙලා තිබුණු නටුව වළාකුල දැක්කා. "කෝ මෙතන තිබුණු මල? කවුරුහරි කඩාගෙන ගිහින් වගේ. ඒ මල හොයාගෙන ගිහින් බලන්න ඕනේ." වළාකුල හිතුවා. ඒත් කොහොමද මම ඒ මල හොයාගන්නෙ. කවුරු කොහෙට අරන් ගියාද දන්නෙ නැහැනේ. වළාකුල පොඩ්ඩක් කල්පනා කළා. හොඳ අදහසක් හිතට ආවා.
මල නැති උනාට ඒ අවට තවමත් මල් සුවඳ රැඳී තිබුණා. මල් සුවඳ දිගේ ඉව කරමින් වළාකුල පා වුනා. මල් ගොමුව ඇතුලේ පාවුණා. මල් ගොමුවෙන් එළියට පාවුණා. ඊට පස්සේ ගේ පැත්තට පාවුණා. අන්තිමට මල් සුවඳ දිගේ පාවෙලා පාවෙලා ගිහින් පැංචි ගේ පාඩම් මේසෙ ළඟටම ආවා. "ආ මේ පෝච්චියේ දාල තියෙන්නේ මං හොයපු මල තමයි." වළාකුල හෙමින් හෙමින් මලට කිට්ටු වෙලා විපරම් කළා. ඔන්න එතකොට මලේ පෙති අස්සෙන් සමනලයාගේ පිහාටුවක කෙළවරක් පෙනුණා. වළාකුල හරිම සීරුවට පරිස්සමින් මල් පෙත්ත උස්සලා බැලුවා. මේ ඉන්නෙ චණ්ඩියා. "දැක්කා දැක්කා...එළියට එන්නෝ...එළියට එන්නෝ...." වළාකුල අත්පුඩි තලලා සමනලයාට කතා කළා. සමනලයා හිනා වේවි එලියට ආවා.
"ඔයා දක්ෂයි. මං හිතුවේ මාව හොයාගන්න බැරි වෙයි කියලා.පැංචි අක්කා මාව අරන් යද්දිත් මම හෙලවෙන්නෙම නැතුව හිටියේ ඔයාට හොයාගන්න බැරි වෙන්න." මල් ගොමුවට යන ගමන් සමනලයා වලාකුලට කිව්වා. "මෙන්න මෙයා තමයි මට උදවු කලේ. ඔයාව හොයාගන්න. නැත්නම් මම තාමත් හොයනවා." හිනා වේවි එහෙම කියන ගමන් වළාකුල එයාගෙ ඔළුවට ඇඟිල්ල තියලා සමනලයාට පෙන්නුවා. ඒකට නම් සමනලයාටත් හිනා ගියා. "හෙට සෙල්ලම් කරද්දී පැංචි අක්කාටත් කතා කරමු නේද. නැත්නම් හෙටත් ඔයාව අරන් ගිහින් පෝච්චියේ දා ගනියි." වළාකුල කිව්වා.දෙන්නාම අයෙමත් මහ සද්දෙට හිනා වුණා. හෙට උදේ නැවත හමුවන පොරොන්දුව පිට අළුත් යාළුවො දෙන්නා සිනාසෙමින්ම විසිර ගියේ කියන්න බැරි තරම් සතුටින්.
Wednesday, May 8, 2024
138. සුවඳ කුමාරි
වෙලාව හවස පහයි. උදේ ඉඳලම සුවඳ හදලා හදලා සුවඳ කුමාරිට හරි මහන්සියි. සුවඳ කුමාරි වැඩ නවත්තලා මාළිගාවෙන් එළියට ආවා. පොඩි විවේකයක් ගන්නත් එක්ක වළාකුලක් උඩ සනීපෙට වාඩි වෙලා පහල බලාගෙන හිටියා. ඉර බැහැගෙන යන්න කිට්ටු නිසා අහස රත්තරන් පාට වෙලා. මුළු පළාතම හරිම ලස්සනයි.
ටිකකින් කවුදෝ ඈතින් එනවා වගේ පෙනුණා. සුවඳ කුමාරි ඒ දිහා බලන් හිටියා. ඈතින් ආපු කෙනා ටික ටික කිට්ටු උනා. "ආ... මේ පාට කුමාරිනෙ. කොහේ ගිහින්ද මේ හති දාගෙන එන්නෙ? සුවඳ කුමාරි පාට කුමාරිගෙන් ඇහුවා.
"මම උදේම මල් පෙති පාට කරන්න ගියානෙ. දැන් තමයි මේ වැඩ ඉවර වුණේ." පාට කුමාරි දාඩිය පිස දමමින් සුවඳ කුමාරිට කිව්වා. "අන්න අර පේන හෙන්දිරික්කා මල් යාය තමයි මම අන්තිමට පාට කලේ. ඔයාට පේනවා නේද ඒවායේ පාටවල ලස්සන. මම ඒවා එක එක පාටවලින් පාට කළේ හරිම ආසාවෙන්." පාට කුමාරි සුවඳ කුමාරිට පහල හෙන්දිරිකා මල් යාය පෙන්නන ගමන් කිව්වා.
සුවඳ කුමාරිට පොඩි දුකක් දැනුණා. ඉර මාමා ගියාට හඳ මාමා එනවානේ. රෑට පිපෙන මල් වලටත් පාට පොඩ්ඩක් දාලම ගියා නම් කොච්චර හොඳද? ඒත් ඉතින් පාට කුමාරි මහන්සි වෙලානෙ ගියෙ. සුවඳ කුමාරි කල්පනා කලා. රෑට පිපෙන මල් පව්. සුවඳ කුමාරිට හිතුණා. මට පුළුවන් නම් මං ගිහින් එයාලව පාට කරනවා. කෝ ඒත් මම පාට හදන්න දන්නෙ නෑනෙ. මම දන්නෙ සුවඳ හදන්න විතරනෙ. සුවඳ කුමාරි රෑ වෙනකන්ම කල්පනා කළා.
රෑ වෙද්දී සුවඳ කුමාරිගෙ දුක වැඩි උනා. ඒ හින්දාම රෑට පිපුණු මල් බලන්න සුවඳ කුමාරි පහලට බැස්සා. මගෙ අම්මෝ. පිපිච්ච මල් ගොඩ. සේපාලිකා, සමන්පිච්ච, රෑ කුමාරි, කඩුපුල්, ඇට්ටේරියා ....නම් දන්න නොදන්න මල් ජාති මහා ගොඩක් පිපිලා හිනා වේවි ඉන්නවා. ඒ අතරට පොකුණේ කුමුදු මලුත් පිපිලා. හරිම ලස්සනයි. එයාලා සුදු පාට පෙති දිග ඇරගෙන සුවඳ කුමාරි දිහා බලන් හිටියේ හරියට පාට ටිකක් ඉල්ලගන්න වගේ. සුවඳ කුමාරිට හොඳ අදහසක් ආවා. පාට නැති උනාට මොකෝ. මට පුළුවන් නේ මෙයාලට මම හදපු සුවඳ ජාති බෙදලා දෙන්න. සුවඳ කුමාරි හිතුවා.
සුවඳ කුමාරි එක එක මල් ළඟට ගියා. ඒ හැමෝටම සුවඳ කුමාරි එයාම හදපු සුවඳ වලින් ටික ටික බෙදා දුන්නා. ඒත් එක්කම හැම මලකින්ම මිහිරි සුවඳක් හැමුවා. දැන් නම් මුළු පලාතම හරිම සුවඳයි. මල් වලින් පටන් ගත්ත මිහිරි සුවඳ වටේට වටේට ගිහින් ඈතට ඈතට ගිහින් උඩට උඩට ගිහින් හඳ මාමා ගාවට එනකල්ම හැමුවා.
සුවඳ බෙදලා ඉවර වුණු සුවඳ කුමාරි යන්න ලැස්ති වෙලා මල් වලට අත වැනුවා. "බොහොම ස්තුතියි සුවඳ කුමාරි...පරිස්සමින් ගිහින් එන්න." මල් ඔක්කොම එක හඬින් සුවඳ කුමාරිට සමු දීලා සුවඳ කුමාරි ඈතට ඈතට ගිහින් අහසේ නොපෙනී යනකන්ම බලාගෙන හිටියා. අද තමයි මං වැඩියෙන්ම සතුටු උන දවස. ඈතට පාවෙලා යන ගමන් සුවඳ කුමාරි හිතුවා.
137. පාට ගෑම
Friday, January 27, 2023
136. සූකිරි දත්
Tuesday, January 24, 2023
135. කුඹි ගෙදර
134. ලස්සන රට
Monday, January 23, 2023
133. රෝස මලීගේ නුවණ
ඇපල් ගහේ මහ විසාල ඇපල් පිරී තිබේ
Sunday, January 15, 2023
132. හොඳ සිරිත්
Saturday, January 14, 2023
131. මල් වත්ත
Tuesday, January 10, 2023
130. අමුතු රේණුව
© සිත්තර පැංචි
129. හිත හොඳ අය
128. දොයිය දොයිය දොයි
Monday, January 9, 2023
127. උසයි උසයි
Sunday, January 8, 2023
126. අලි ආදරේ
125. පූස් නැට්ටෙ සංගීතේ
කොඩිය වගේ නැට්ට උඩට හැරිලා තියෙනවා
පූස් නැට්ට ගහේ අත්ත යැයි රැවටෙනවා
කුරුළු බබා ඒ මත ඉඳ සින්දු කියනවා
කුරුළු බබා රසට මිහිරි ගීත ගයන්නේ
පූස් නැට්ටෙ ඉඳගෙන බව පූසි නොදන්නේ
අමුතු දෙයක් යම්කිසි වලිගයට දැනෙනවා
බාගෙට ඇස් ඇරපු පූසි හැරිල බලනවා
කුරුළු බබා වලිගය උඩ සිංදු කියනවා
කවමදාකවත් මෙය නම් වුණේ නැති දෙයක්
නිකන් තියෙන වලිගෙට අද ලැබිල නොවැ වැඩක්
අනේ හොඳයි මටත් එයින් හම්බ වෙයි පිනක්
එහෙම හිතල සතුටු වුණා පූසි මහ ගොඩක් !
Saturday, January 7, 2023
124. මෙන්න මගේ පූසි
Friday, January 6, 2023
123. මූදු අශ්ව
මූදු අශ්වයෙක් වීලත් ඇයි ඔතරම් කුඩා
මාළු බබා හරි ප්‍රශ්නෙක ඉන්නේ හිරවෙලා
මූදු අශ්ව අයියේ විසඳල දෙනවද ඔයා
හුඟක් දෙනා එහෙම හිතන් ඉන්නා බැව් සැබැයි
ඒත් මගේ නම තරමට සැසදෙනවා නොවෙයි
අශ්ව කියල තිබුනට නම ඇත්තෙන් මං පොඩියි
තරම මගේ අරගත් විට හාල්මැස්සා වගෙයි
මාළු බබා එය අසලා පුදුමෙට පත් වුණා
කාරණාව දත් අයියා ඔහුට හිනා වුණා
ඒත් මොකද නොදත් දෙයක් දැනගත හැකි වුණා
මූදු අශ්ව අයියා ඉතා හොඳ මිතුරෙකු වුණා.
© සිත්තර පැංචි
122. ගිරා ළමයි
121. සුට්ටන් සූටික්කි
රෝස පාට මල් ඒ මත පිබිදිලා ඇතී
දැකුම වුවද නෙතට සිතට සුවය ගෙන දෙතී
රේණු සලා සුවඳ හලාසුලන්ගෙ නැළවෙන
සමනල පැණි කුරුල්ලන්ට රසඳුනක් වෙන
දිගැටී පුංචි හොට මානා මලට ලංවෙන
සුට්ටන් සූටික්කි බබෙකි රොනට සැරසෙන
පිහාටු ලස්සන අත්දෙක දේදුනු පාටයි
කැරලි කොන්ඩෙ හිස කැරකුණ සුරතල් පාටයි
මල් අතරේ මලක් වගේ හරි හැඩකාරයි
සුට්ටන් සූටිකි බබාට බඩගිනි පාටයි
ලස්සන ලස්සන සිත්තර දවසෙම අඳිනා
අම්මාටත් තිතට චිත්‍ර උපදෙස් ලැබෙනා
ගෙදර කලා සංගමයේ මුලසුන දරනා
අපේ පුංචි සිත්තර පැංචිය හරි හපනා.
Wednesday, January 4, 2023
120. ලස්සන වැස්ස
අද ඉර කොහෙද මන්දා හැංගිලා. මුළු අහසම කළුවරයි. ලොකු හුළඟකුත් හමනවා. ඒ හුළඟට අහුවෙන ගස්වල අතු එහෙට මෙහෙට පැද්දෙනවා. කොළ කැරකි කැරකි බිමට වැටෙනවා.මිදුලේ තියෙන පුංචි මල් ගසුත් එහෙට මෙහාට වැනෙනවා. ලොකුම ලොකු වැස්සක් ළඟ එන්න වගේ. පැංචිට ලොකු සතුටක් හිතට දැනුණා. වහින දවස්වලට වැස්ස දිහා බලාගෙන ඉන්න පැංචි හරිම ආසයි. ඒ විතරක් නෙමෙයි. වැස්සෙ ටිකක් තෙමෙන්න ඇත්නම්...මඩ වතුර වලවල් වල පැන පැන නටන්න ඇත්නම්...මිදුලේ පිරෙන වතුර පාර දිගේ පුංචි පුංචි ඔරු හදලා පා කරන්න ඇත්නම්...ඊට වඩා සතුටක් පැංචිට වෙන නෑ.
ටික වෙලාවක් ගතවුණා. පැංචි හිතුවා හරියටම හරි. හෝ හෝ හෝ සද්දෙකුත් එක්ක ලොකු වැස්සක් පටන් ගත්තා. පොළොව හරිම ආසාවෙන් බිමට වැහි වතුර බීගෙන බීගෙන ගියා. දැන් නම් පොළොවටත් වතුර ඇති වගේ. ඒත් තව වහිනවා. වැඩි වැහි වතුර එකතුවෙලා මුළු මිදුලම හරි ඉක්මනට පිරුණා. බලන බලන හැම තැනම වතුර. හරිම ඉක්මනට වේගෙන් වේගෙන් වැහැලා වහැලා හතර අතේ වතුර පුරවලා, ලොකු පුංචි දිය පහරවල් හැම තැනටම යවලා වැස්ස පෑව්වා. පැංචි ඉස්තෝප්පුවට වෙලා වැස්ස දිහා බලාගෙන හිටියා. ගේ ඇතුලේ ඉඳන් කොච්චර බැලුවත් පැංචිගේ හිතට මදි. එලියට ගිහින් පොඩ්ඩක් වතුරේ නටන්නමයි පැංචිගේ ආසාව. ඊත් වතුරේ සෙල්ලම් කරලා ලෙඩ වුනොතින් එහෙම අම්මගෙන් බැනුම් අහන්න වෙනවා. අනික ඉස්කෝලේ යන්නත් බැරි වෙනවානෙ. පැංචි ටික වෙලාවක් කල්පනා කළා. එතකොටම හොඳ අදහසක් පැංචිගේ හිතට ආවා.
පැංචි ගේ ඇතුලට ගිහින් එයාගේ වැහි කබාය අන්ද ගත්තා. බොත්තම් ඔක්කොම පිළිවෙලට දා ගත්තා. දැන් හරි ඇඟ නම් තෙමෙන එකක් නෑ. ඊට පස්සෙ බූට් සපත්තු දෙක හොයාගෙන කකුල් පරිස්සමට දා ගත්තා. දැන් කකුල් දෙකත් හොඳට වැහිලා. තෙමෙන්න විදියක් නෑ. ඊ ලඟට තාත්තාගෙ ලොකු කුඩේ අරන් ඔලුවට ඉහල ගත්තා. කුඩේ ගොඩක් ලොකු නිසා ඔළුව තෙමෙන්නෙත් නෑ. මේ විදියට ලස්සනට සැරසිලා පැංචි අම්මා ලඟට ගියා. මිදුලට ගිහින් පොඩ්ඩක් වටේ ඇවිදලා වැස්ස බැලුවට කමක් නැද්ද කියලා අම්මගෙන් ඇහුවා. අම්මට හරි හිනා. "තෙමෙන්නේ නැති වෙන්න ඔහොම පිළිවෙලට ලෑස්ති වෙලා යනවා නම් මම මොකටද එපා කියන්නෙ. මගේ හොඳ පැංචි එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකො..." කියලා අම්මා අවසර දුන්නා. ඒ විතරක් නෙමෙයි හාද්දකුත් දුන්නා. පැංචිට ලෝකයක් ලැබුණා වගේ. එයා හරිම සතුටින් ම්දුලට ගියා.
පැංචි එදා එළියේ ඇවිද ඇවිද හුඟාක් විනෝද වුනා. වතුර බීලා හොඳට නාලා අතු වලින් වතුර බේර බේර හිටිය ගස් පැංචිට පෙනුණේ හරියට දියබරියෝ වගේ. රෝස පඳුරේ මල් ටික නම් ඔක්කොම අතුත් එක්කම බිමට නැවිලා බිම ගෑවී ගෑවී තමයි තිබුණේ. පෙති ගැලවිලා බිමට වැටිලා තිබුන විදිය දැක්කම පැංචි ට දුකත් හිතුණා. පැංචි පාරටත් ගිහින් ඇවිදලා බැලුවා. ඒ හරිය නම් කහ පාට මුහුදක් වගේ. පාරට උඩින් වතුර ගිහින් වෙල බාගයක්ම පිරිලා. ගොයමේ උඩ හරිය විතරයි පැංචිට පෙනුණේ. ඒ ගොල්ලෝ නාන බේසමක බැහැලා වගේ වතුරේ නැලවී නැලවී ඉන්නවා පැංචි හරිම ආසාවෙන් බලාගෙන හිටියා. වතුර බැහැලා ගිය සමහර තැන්වල සුදු වැලි ගොඩවල් මතුවෙලා තිබුණ නිසා පැංචි ගෙදර එනකොට ආවෙ ඒවා උඩින් අඩි තිය තියා. ගෙදර ඇවිත් පැංචි කඩදාසි ඔරු හදලා අරගෙන ගිහින් ඇල දිගේ පා කළා. ඒවා තාරාවෝ වගේ වතුරේ පා වෙලා ඈතට ගියේ හරිම සැහැල්ලුවෙන්. ඊට පස්සෙ පැංචි පුංචි ගංගාවල් මැද්දෙ හැදිලා තිබුණු දූපත් වල කොඩි දැම්මා. ඇත්තෙන්ම කිව්වොත් පරිසරය පාඩමක්ම තනියෙන් ඉගන ගෙන ඉවර කළා වගේ තමයි අද පැංචිට හිතුණේ. වැස්සට පෙර පරිසරය කොයි වගේද, වහින අතරතුර පරිසරය කොයි වගේද, වැස්සට පසු පරිසරය කොයි වගේද මේ ඔක්කොම ටික පැංචි හොඳට තේරුම්ගත්තා. ඇත්තටම වැස්ස කියන්නෙ හරි අපූරු දෙයක් බව පැංචිට හරියටම තේරුම් ගියේ අද තමයි. ඉතින් ඔයාලත් මේ අපේ පැංචි වගේ අපට ගොඩාක් පාඩම් කියාදෙන, ලස්සන අත්දැකීම් ලබා දෙන වැහි දවස්වලට කැමතියි නේද යාලුවනේ?
© සිත්තර පැංචි.
Tuesday, January 3, 2023
119. හ්ම් හ්ම්
Friday, December 30, 2022
118. නත්තල් ලියුම
බබී ලියුම ලිව්වේ ඉංග්‍රීසියෙන්. ඇයි දැන් එයාට ඉංගීසිත් පුළුවන්නේ. ලියුම ලියලා ඉවර වෙලා ලස්සන චිත්රෙකුත් ඇඳලා හැඩ වැඩ කරලා ලියුම් කවරෙකත් දාලා බබී ලියුම නත්තල් ගහ යට හොඳට පේන තැනකින් පරිස්සමට තිව්වා. ඊට පස්සෙ දවසින් දවස ගෙවුණේ බොහොම දිග කාලයක්. හැමදාම උදේ අවදි වුන ගමන් බබී නත්තල් ගහ ලඟට දුවගෙන ගිහින් නත්තල් සීයා එයාගෙ ලියුම අරගෙන ගිහින්ද කියලා බැලුවා. මොකද කලින් අවුරුද්දේ නම් එයාට හොඳට මතකයි එයාගෙ ලියුම නත්තල් සීයා අරගෙන ගිහින් තිබුණා. ඒක කියවල බලලා තමයි එයා ඉල්ලපු තෑගි ඔක්කොම නත්තල් සීයා අරගෙන ඇවිත් තිබුණේ. ඉතින් බබී දවස් ගානක් තිස්සේ බලාගෙන හිටියා. ඒත් නත්තල් සීයා ලියුම අරගෙන යන්න ආවෙ නෑ. බබීට හොඳටම දුකයි. නත්තල් සීයා ඉංග්‍රීසි දන්නෙ නැති නිසා ලියුම ගෙනියන්න නැතුව ඇති කියලා තාත්තා නම් බබීට හැමදාම විහිලු කළා.එතකොට නම් බබීට කේන්තිත් ආවා. අම්ම නම් කිව්වෙ කෝකටත් කියලා අපි සිංහලෙනුත් ලියුමක් ලියමු කියලා. බලා ඉඳලා බලා ඉඳලා බැරිම තැන බබී නත්තල් සීයාට සිංහලෙනුත් ලියුමක් ලිව්වා.දැන් ලියුම් දෙකම නත්තල් ගහ යට තියෙනවා. ඒත් නත්තල් සීයා නම් ආවෙ නෑ. දැන්මේ නත්තල් දවසටත් හොඳටම ළඟයි. මේ පාර මට තෑගි ලැබෙන එකක් නැති වෙයිද? බබී නිතරම දුකින් කල්පනා කළා.
ඔහොම ගිහින් ඔන්න නත්තල් දවසට කලින් දවස ඒ කියන්නෙ 24 වෙනිදා දවස ආවා. එදා නම් බබී කෑවෙ බිව්වෙත් නත්තල් ගහ යට ඉඳන්. ඒ කොයි වෙලේ හරි නත්තල් සීයා ඇවිත් එයාගේ ලියුම අරන් යයි කියලා බලාපොරොත්තුවෙන්. එත් රෑ වෙනකන්ම කිසිම විශේෂත්යවක් වුණේ නැහැ. දැන් නම් නිදාගන්න වේලාවත් ඇවිත්. අහල පහල ගෙවල්වල ළමයි තාම අවදියෙන්. ඒගොල්ලෝ හිනාවෙන කතාකරන සද්දේ බබීට තාම ඇහෙනවා.හැම ගෙදරම වගේ නත්තල් සැරසිලි වලින් ලස්සන වෙලා. එලිය වෙලා. එයාලගෙ ලියුම් නත්තල් සීයා බලලද දන්නෙ නෑ. ඔය තරම් සතුටින් ඉන්නෙ ඒගොල්ලන්ගෙ ලියුම් නත්තල් සීයා අරන් ගිහින් වෙන්න ඇති. බබී කල්පනා කළා. "දැන් ගිහින් නිදාගන්න පැටියෝ...හෙට උදේම අවදි වෙලා බලන්නකෝ...ඔයාටත් අනිවාර්යයෙන්ම තෑග්ගක් ලැබිලා තියෙයි..." සීයා ඇවිත් බබීගේ හිත හදලා නිදාගන්න එක්කරගෙන ගියා.
එදා රෑ අහස පුරාම තරු බැබළුණා. හරියට මල්පි පිපිලා වගේ. අමුතු එළියකින් මුළු පලාතම වැහිලා තිබුණා. හරියට ලොකු උත්සවේකට ලේස්ති වෙනවා වගේ. පුදුම ලස්නසනයි. හැම පැත්තෙන්ම හිත නිවෙන සැනසෙන විදියේ ගීතිකා ඇහුණා. එදා රෑ බබී නත්තල් සීයා හීනෙන් දැක්කා. පිණි මුවෝ දෙන්නෙක් බැඳපු ලස්සන කරත්තෙක නැගලා ආපු සුදුම සුදු රැවුල තියෙන නත්තල් සීයා ළමයි හැමෝටම තෑගී බෙදුවා. ඉස්සෙල්ලම ගියේ ඉස්පිරිතාලේ ලෙඩ වෙලා ඉන්න ළමයි බලලා තෑගි දෙන්න. ඊගාවට එයා කාත් කවුරුත් නැතිව තනිවුන පුංචි ළමයි ඉන්න ළමා නිවාසෙට ගියා. නත්තල් සීයා දැකලා ඒ ළමයින්ගේ ඇස් තරු වගේ දිලිසුණා. ඊටත් පස්සෙ නත්තල් සීයා පාරෙ ඇවිද ඇවිද යන්න එන්න තැනක් නැතුව අම්මලත් එක්ක පාරෙ තැන් තැන් වල හිටිය අසරණ ළමයින්ට තෑගි බෙදුවා. එතැනින් පස්සෙ නත්තල් සීයා ගමේ දුප්පත් අහිංසක ළමයින්ගෙ ගෙවල්වලට තෑගි අරන් ගියා. අම්මෝ දුප්පත් ළමයි මේ තරම් ගොඩක්?. මට වඩා තෑගි බෝග ඕන කරන ළමයි මේ ලෝකේ කොච්චර ඉන්නවද? බබිට කල්පනා වුණා. ඇත්තටම නත්තල් සීයා ගොඩාක් හොඳ හරිම කරුණාවන්ත කෙනෙක් තමයි. මට තෑගී නැති වුනාට කමක් නෑ. තෑගි ඕන කරන අයට ලැබුණානෙ. මට ඒ ඇති. බබී නත්තල් සීයාගේ මුහුණ බැලුවා. නත්තල් සීයා හරිම ආදරෙන් බබීට හිනා වෙලා බබීට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කළා. ඒත් එක්කම බබී හරිම සනීප නින්දකට වැටුණා.
25 වෙනිදා නත්තල් දවසේ බබී ඇහැ ඇරුනේ අමුතුම සතුටකින්. ඇහැරිලා බැලින්නම් ගෙදර කවුරුවත් නෑ. බබී ටිකක් විපරම් කරලා බැලුවා. මෙන්න හැමෝම හිනා වේවි නත්තල් ගහ ළඟ ඉන්නවා. මොකක්ද දන්නෙ නෑ වෙලා තියෙන්නෙ. බබී ඉක්මනට නත්තල් ගහ ලඟට දුවලා ගියා. අනේ......බබීට හරිම සතුටුයි. නත්තල් ගහ ළඟ දිලිසෙන කොළවලින් ඔතපු ලොකුම ලොකු තෑගි පෙට්ටියක් තිබුණා. බබී ප්‍රවේසමෙන් එක ඇරලා බැලුවා.හරිම හරිම පුදුමයක්. බබී ඉල්ලපු තෑගි ඔක්කොම ඒ පෙට්ටිය ඇතුලෙ තිබුණා. බබී සතුටින් උඩ පැන්නා. එයාට කියාගන්න බැරි තරම් සතුටුයි. නත්තල් සීයාට එයාව අමතක වෙලා නෑ එහෙනම්. බබී තෑගි පෙට්ටිය බදාගෙන නත්තල් ගහ වටේම නැටුවා. හැමෝටම හරිම සතුටුයි. ඒත් එක ප්‍රශ්නයක් තාම බබී ළඟ ඉතුරුයි. මගේ ලියුම් බලලා අරගෙන ගියේ නැතුව නත්තල් සීයා කොහොමද මම ඉල්ලපු තෑගිම හරියටම ගෙනත් දුන්නේ? මේ තියෙන්නෙ තාම ලියුම් දෙකම නත්තල් ගහ ළඟ තිබුණු තැනම. නැටිල්ල නවත්තලා ආපහු ලියුම් දෙක අතට ගන්න ගමන් බබී සීයාගේ මුහුණ දිහා බැලුවා. සීයාට කාරනාව තේරුණා. "මේ පාර නත්තල් සීයා ලියුම් කියවලා ගිහින් විතරයි. අරගෙන ගිහින් නෑ." සීයා හිනා වේවි කිව්වා.
ඉතින් බබීගේ සියලු සැක සංකා ඒ මොහොතෙ ඉවර වුණා. එයාට දැනුණේ පුදුමාකාර සතුටක්. "හොඳ ළමයින්ට හැමෝම ආදරෙයි." ගුරුතුමී පන්තියෙදි කිව්වා බබීට මතක් වුණා. මම ලබන අවුරුද්දෙ මීටත් වඩා හොඳ ළමයෙක් වෙනවා. බබී හුඟාක් සතුටින් එයා ටම පොරොන්දු වුණා. මේක තමයි මගේ හොඳම නත්තල. මට වගේම මේ ලෝකෙ ඉන්න හැමෝටම සතුට ලැබෙන්න ඕන. කිසිම දුකක් නම් වෙන්න එපා. මොහොතකට ඇස පියා ගත්ත බබී නත්තල් සීයා ගෙනත් දීපු තෑග්ග හරිම ආදරෙන් තුරුළු කරගන්න ගමන් ප්‍රාර්ථනා කළා.