Tuesday, November 10, 2020

82. රණ්ඩුව

















මිදුලේ කෙලවර මී අඹ අත්තේ - අඹ ගෙඩියක් ඉදිලා
රතට පේවෙලා සුළගෙ පාවෙලා - සුවඳ දිදී නැටුවා

ඉදුණු අඹය දැක තුන් ඉරි අප්පුට - හිනා කටක් පිරුනා
කමි අද රස අඹ බන්ඩි පිරෙන්නට - ටින් ටින් ටින් කිව්වා

ඈත ඉදන් ආ හොට වක රාලත් - ඉදුණු අඹය දැක්කා
වටයක් කැරකී සතුටින් ඉගිලී - මේක මටයි කිව්වා 

එක අඹ ගෙඩියයි කන්නට දෙන්නයි - හරිම වැඩේ වෙන්නේ
එලියට ඇවිදින් පුංචි නංගියා - එදෙස බලන් ඉන්නේ 

තුන් ඉරි අප්පුට හරිම හදිස්සිය - කටට කෙලත් ඉනුවා
වලිගෙ ගසාගෙන අත්ත දිගට පැන - අඹය ලඟට ආවා

දැක්ක ගමන් එය හොට වක රාළත් - හෝව් හෝව් කිව්වා
විදුලි වේගයෙන් ඇවිදින් ඉගිලී - අඹය ළඟම වැහුවා 

ටින් ටින් සද්දේ ක්රීන් ක්රීන් සද්දේ - මැද එක කලබලයයි
කවුද දිනන්නේ අද අඹ කන්නේ - නංගිට ඇති පැනයයි

මේක මගේ - බෑ - මේක මගේ - බෑ - දෙන්නා වාද කෙරුවා
අත්ත හෙලවුනා - නටුව කැරකුනා - ගෙඩිය බිමට වැටුනා

බෙදා හදාගෙන කන්නට නොගියොත් - ඔහොම තමයි වෙන්නේ
දුවල ගිහින් මී අඹය අහුලගෙන - නංගි හිනා වෙන්නේ
.
.
.

No comments:

Post a Comment

අලුත් සිතුවම්

85. බකමූණු නින්ද